ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පැය කිහිපයකින් නුවර "ක්ලීන්"

පැය කිහිපයකින් නුවර "ක්ලීන්" පුරා දින දහයක් පැවති 'සිරි දළඳා වන්දනාව' අවසන් දිනයේ මහනුවර නගර පවිත්‍ර කිරීමේ "ක්ලීන් කැන්ඩි" වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර වර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පස්වරුවේ ආරම්භ කෙරිණි.සිරි දළඳා වන්දනාව සදහාපැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ව, පසුගිය දින දහයක් පුරා මහනුවර නගරය පරිහරණය කිරීමේ දී ඉවතලන ලද පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු සියලුම අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙම වැඩසටහන මගින් සිදුවිණි.ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ,මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.මධ්‍යම පළාත් සභාවේ සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අංශ, ඒකක සහ ව්‍යවස්ථාපිත ආයතන, පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් පාලන ආයතන , මහනුවර මහ නගර සභාව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය, පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා පුද්ගල කණ්ඩයම් විසින් මෙම වැඩසටහනට දායකත්වය ලබා දී තිබිණි.මහනුවර දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ චාරිත්‍රානුකුලව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය (16) දින පුර්ව භාග 09.04 ට යෙදුනු සුභ නැකතින් මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී පැවැත්විය.මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විය. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශවයේ අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මධ්‍යම පළාත් සභාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.මෙම චාරිත්‍රයට සමගාමීව අලි අතුන් සඳහා හිස තෙල් ගැල්විම ද සිදු කරන ලද අතර එහිදි ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් බුරුම රාජා සහ මිගාර ඇතුන් සඳහා තෙල් ගැල්වීම සහ ආහාර ලබාදිම සිදුවිණි.මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සහ පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි, මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරාධිපති පූජ්‍ය ගොමගොඩ රතනසාර හිමි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, චමින්ද්‍රාණි කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, මධ්‍යම පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්, නාථ දේවාල බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරින්,ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක්

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (06) දින පැවැත්විණි.මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්නෙ දළදා දැක්ම වසර දහසයකට පසු පැවත්වෙන අතර එය අප්‍රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අප්‍රේල් 18 වැනි දින පස්වරු 3:00 සිට පස්වරු 5:30 දක්වාත් , ඉන්පසු අප්‍රේල් 19 සිට 27 දක්වා දිනපතා දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා දින 10ක් පැවැත්වේ. මෙහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, මෙවර දළදා දැක්ම සඳහා ලක්ෂ විස්සකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන බව පැවසීය.දින දහයක කාලයක් පැවැත්වෙන මෙම දැක්ම සඳහා පැමිණෙන සැදැහැවතුන් මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවේශ කර ගන්නා බවත් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර මහ නගර සභාව ඇතුලු ආයතන රැසක් එක්ව කටයුතු සම්පාදනය කරන බව ද ඒ මහතා පැවසුවේය.පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ඇතුල් කර ගන්නා සැදැහැවතුන් දළදා වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් පිටත් කරන බවත් ඔවුන් මහ මළුව සහ අවන්හල දෙසින් බැහැරට ගමන් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.දළදා දැක්ම ක්‍රියාත්මක කාලයේදී මහනුවර නගරයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බවත් එම දින කිහිපය තුළදී මහනුවර කේන්ද්‍ර කොට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පවැසීය.මෙම සාකච්ඡාවේදී විශේෂ දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පැමිණෙන බැතිමතුන් සඳහා පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, රාත්‍රී කාලයේ දී දන්සැල් පැවැත්වීම, දුම්රිය ඇතුලු ප්‍රවාහනය ඇතුලු පහසුකම්, ආරක්ෂාව, මහනුවර නගරය අලංකරණය කිරීම, රථ වාහන නියාමනය කිරිම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙක් සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථා සඳහා බදුලු මුතියංගණ රජමහ විහාරයේ භාරකාර අස්ගිරි මහ විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරත්න හිමි, මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, යන මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) සංවිධානය කර තිබිණි.මෙම සාකච්ඡාවේදී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලේ හා ශිෂ්‍ය අභිවෘද්ධිය උදෙසා සිදු කරගෙන යනු ලබන හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සිදු කරන ලදි.එමෙන්ම විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යන කටයුතු හා යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ද මෙහිදි වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සුදේශ් අතාවුද, ලේකම් දිනේන්ද්‍ර සේනාධිර, භාණ්ඩාගාරික භාතිය මංචනායක යන මහත්වරුන් එක් වූහ.

මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) දින පැවැත්විණි.සමස්ත ලංකා හෙද සංගමයේ ඉල්ලීමක් අනුව සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවේදී මධ්‍යම පළාතට බලපා ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තීය හා ආයතනික ගැටළු සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන්විය. ඒ අනුව ඒ සඳහා ලබා ගත යුතු කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල , පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.ආර්. කහඳවආරච්චි යන මහත්ම මහත්මින් ද සහ සමස්ත ලංකා හෙද සංගමයේ සංගමයේ නියෝජිතයින් සහ ආමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook