ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

කටුකැලේ, ශ්‍රී සෙල්වවිනයාගර් කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය

කටුකැලේ, ශ්‍රී සෙල්වවිනයාගර් කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය මහනුවර, කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද (19) දින පැවැත්විණි. මෙවර පංචරථ භවනි තේරු මහහෝත්සවය මාර්තු මස 18 දින සවස් වරුවේ පැවැති දූර්ගා මැණියන්ගේ පූජාවෙන් ආරම්භ විය. ඒ අනුව මාර්තු මස 23 දින සිට පූජෝත්සවය ආරම්භවී 31 දින පංචරථ තේරු රථ මහනුවර නගරයේ වීදී සංචාරය කර, අප්‍රෙල් මස 03 දින පැවැත්වෙන බහිරව පූජාවෙන් තේරු උත්සවයේ කටයුතු අවසන්වේ.මෙම සාකච්ඡාවේදී තේරු උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම හා බැතිමතුන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සඳහා කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ ප්‍රධාන භාරකාර ගෝවින්දසාමි ක්‍රිෂ්ණමූර්තී, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, යන මහත්ම මහත්මීන් ඇතුළු පොලිස් නිලධාරින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

ආණ්ඩුකාරවරයා සහ නෙදර්ලන්ත තානාපති අතර හමුවක්

ආණ්ඩුකාරවරයා සහ නෙදර්ලන්ත තානාපති අතර හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ඩි බෝයර් මහතා (Wiebe de Boer) මහතා අතර හමුවක් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (12) දින පැවැත්විණි.මෙම හමූවේදී නෙදර්ලන්ත සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික හා දිගුකාලීන සබඳතාවයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවිය. එමෙන්ම මධ්‍යම පළාතේ සංචාරක හා උසස් අධ්‍යාපනය, තේ හා අපනයන කෘෂිකර්ම භෝග වගා සංවර්ධනය ආදී විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරීණී.එමෙන්ම මධ්‍යම පළාතේ ආපදා හානීය, යටිතල පහසුකම් සංවර්ධනය හ ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳවත් නෙදර්ලන්ත රජය විසින් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග, පාලම් සහ බෝක්කු පිළිසකර කිරීම සඳහා ලබාදෙන සහාය පිළිබඳවත්, ආයෝජන අවස්ථා, ව්‍යාවසායකත්ව සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් සාකච්ඡා වූහ.මෙම හමුව සංකේතවත් කරමින් ආණ්ඩුකාරවරයා සහ නෙදර්ලන්ත තනාපතිවරයා අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු පිරිසක් එක් වූහ.

මධ්‍යම පළාත් කළමනාකරණය සේවා නිලධාරීන්ගේ ගැටළු පිළිබද සාකච්ජාවක්

මධ්‍යම පළාත් කළමනාකරණය සේවා නිලධාරීන්ගේ ගැටළු පිළිබද සාකච්ජාවක් මධ්‍යම පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ගැටළු පිලිබදව සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (09) ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්විණ. මධ්‍යම පළාතේ කළමනාකරණ සේවා නිලධාරීන් මුහුණ දෙන ප්‍රයෝගික ගැටළු, පුරප්පාඩු හා එම පුරප්පාඩු කඩිනමින් බදවාගැනීම, ශ්‍රේණිගත උසස්වීම්, ස්ථානමාරු ක්‍රමවේද හා කාර්යක්ෂමතා කඩයිම් විභාග යන කරුණු පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ජාවිය. මෙම සාකච්ජාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සී.කේ.අමරකෝන් මහත්මිය, මධ්‍යම පළාතේ කළමණාකරන සේවා සංගමයේ නිලධාරීන් හා නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය දා (05) දින පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය, ආණ්ඩුකාර කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගීවිය. මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, පාසල් ප්‍රතිව්‍යුහගත කිරීම, නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම, කලාප පාසල් සංවර්ධන සැලැස්ම, දිට්වා ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් යන කරුණු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධයෙන් වෙනත් කරුණු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම කලාප මට්ටමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ යෝජනා, අදහස් යෝජනා ලබා ගැනීම ද මීට සමගාමීව සිදු කෙරිණී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාව ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි, හිටපු පළාත් අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් යන මහත්ම මහත්මීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඇතුළු ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

ආපදා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡාවක්

ආපදා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජය ආයතන මගින් දිට්වා ආපදා සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (24) දින පැවැත්විණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook