පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

“සමස්ත ලංකා ජෝන් බී කල් අනුශූරාවය” ප්‍රථම වරට කන්ද උඩ රටට හිමිකරදුන් හැකියාවෙන් දිනු දරුවන් ඇගයේ !

“සමස්ත ලංකා ජෝන් බී කල් අනුශූරාවය” ප්‍රථම වරට කන්ද උඩ රටට හිමිකරදුන් හැකියාවෙන් දිනු දරුවන් ඇගයේ !

“සමස්ත ලංකා ජෝන් බී කල් අනුශූරාවය” ප්‍රථම වරට කන්ද උඩ රටට හිමිකරදුන් හැකියාවෙන් දිනු දරුවන් ඇගයේ !

රටෙන් අපට නොව අපෙන් රටට යන ආදර්ශය ලබාදීමේ යුගයකට මෙරට පරිවර්තනය කළ යුතුයි. රජය විසින් හෝඩියේ සිට උසස් පෙළ දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වාගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සහනයන් නොමිලේ රජය ලබාදෙන්නේ. උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ජිවත්වීම සදහා රැකියාවකුත් රජය ලබාදෙනවා. මේ සියලු දේ ලබාදීලත් පුරවැසියන් ලෙස රට ගැන හිතනවාද යන්න අද ගැටළුවක් බවට පත්වෙලා. රටෙන් තමන්ට ලැබෙන්නේ මොනවාද යන්න වෙනුවට තමන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටුකිරීම සදහා සියලු භේදයන් නොසලකා සැවොම එක්ව කටයුතු කළ යුතුකාලය උදාවී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ ඉකුත්දා (17) සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට ඇගයීම් කඳවුරේදී සමස්ත ලංකා අනුශූරතාවය දිනාගනිමින් මධ්‍යම පලාතට විශේෂ ජයග්‍රහණ රැසක් අත්කර දුන් වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් කටුගස්තොට මහවැලි ද්වීතික පාසලේ ශිෂ්‍යභට කණ්ඩායම ඇගැයීමට ලක් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙම තරගාවලිය පසුගියදා රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවත් වූ අතර කණ්ඩායම් 45ක් අතරින් අනුශූරතාව හිමිකර ගැනීමට මහවැලි ද්වීතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම සමත් වූයේ ප්‍රථම ස්ථානයට ලකුණු අටක් පසුපසින් වීම විශේෂත්වයකි. සමස්ත ලකුණු 900 න් ලකුණු 892ක් හිමිකර ගැනීමට මෙම කණ්ඩායම සමත් වී ඇත.
තරගාවලියේ දී අංශ හයක් යටතේ විශේෂ දක්ෂතාවයන් දැක්වීමට මෙම විද්‍යාලිය කණ්ඩායම සමත් විය. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අංශයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය, අධ්‍යක්ෂ නිරීක්ෂණ අංශයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය, භට නිවාස පරීක්ෂණයෙන් දෙවන ස්ථානය, ඝන සරඹ අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය, දක්ෂතම අණ දෙන්නා (ශාරීරික අභ්‍යාස),දක්ෂතම අණ දෙන්නා (ඝන සරඹ), සමස්ත ලංකා දක්ෂතම සැරයන් සමඟ “සමස්ත ලංකා ජෝන් බී කල් අනුශූරාවය” ප්‍රථම වරට කන්ද උඩ රටට හිමිකරදීමට මෙම විද්‍යාලය සමත් වී ඇත.
විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ඩී.ඒ.දෙහිගස්තැන්න මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය වූ මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසූරිය, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, මධ්‍යම පළාත් ජාතික ශිෂ්‍යභට අධ්‍යක්ෂ කර්නල් අනුර කුමාර, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් හා අවට විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook