පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය'

පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය'

වත්තේගම අධ්‍යාපන කලාපයේ, පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය' කුණ්ඩසාලේ, මහමෙව්නාව භාවනා අසපුවේ ප්‍රධාන ශාලාවේදී පසුගිය දා (09) පැවැත්විණී. වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. මෙම නර්තනාභිෂේක කල එළි මංගල්‍යයේදී සිසු දරුවන් 10 ක් සහ සිසු දැරියන් 21කගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීම සම්ප්‍රදානුකූල සිරිත් හා විරිත් අනුව සිදුකෙරිණී. පාතදුම්බර මහා විද්‍යාලයේ ද්‍යාලයේ විදුහල්පති මේජර් එච්.එම්.එන්.ඒ.කේ. සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් විද්‍යාලයේ නර්තන අංශයේ අනුෂා සමරකෝන්, ශාමලී අබේසිංහ යන මහත්මීන් ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් උත්සවය පැවැත්විණී.මෙම අවස්ථාව සඳහා පන්විල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් වීරසිංහ, විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාන්ත තෙන්නකෝන්, වත්තේගම කලාපයේ නර්තන ගුරු උපදේශකවරුන්, විදයාලයේ ආචාර්ය මණ්ඩලය, ආදී සිසුන්, දෙමාපියන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook