පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පාසල් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමට වැඩසටහනක්.

පාසල් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමට වැඩසටහනක්.

පාසල් මට්ටමින් යෞවන සමාජ පිහිටුවා යෞවනත්වය සවිමත් කිරීමට ජාතික තරුණ සේවා සභාව පියවර ගනී.     

ජාතික තරුණ සේවා සභාව සිය කාර්‍යභාරය පුලුල් කරමින් යෞවන සමාජ පාසලට මැයෙන් පාසල් මට්ටමේ යෞවන සමාජ පිහිටුවාලීමේ වඩසටහනක් දීප ව්‍යාප්තව ආරම්භ කරයි.      මෙහි මහනුවර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන (20) පෙරවරුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පලාත් ආන්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.      මහා ස0ඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ධර්මරාජ විදුහලේ සිසුනගේ සහභාගීත්වයෙන් ඇරැඹි මේ වැඩසටහන සදහා පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එස්.දිසානායක මහතා ඇතුලු නිලධාරිහු ද, ධර්මරාජ විදුහල්පති කමල් ආරියවංශ මහතා ඇතුලු ආචාර්ය මන්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.     මෙහිදී මහනුවර ධර්මරාජ විද්‍යාලයිය යෞවන සමාජය සදහා වූ නිලධාරි මණ්ඩලය සිසුනගේ යෝජනා ස්ථිරත්වයෙන් පත් කරගනු ලැබීය.   සාමාජික ධර්මරාජ් සිසුන් ඇතුලු රැස්ව සිටි පිරිස ඇමතු ආන්ඩුකාර ගමගේ මහතා දේශයේ තාරුණ්‍යයට පැහැබර අනාගතයක් උදා කරදෙන මෙම වැඩසටහනේ පරමාර්ථ හා ක්‍රියාකාරිත්වය ඇගැයීමට ලක් කළේ නව නිලධාරි මණ්ඩලයට සිය උනුසුම් සුබපැතුම් පිරිනමමිනි.    පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස  මහතා හා මහනුවර තරුණ සේවා සහකාර අධ්‍යක්ෂ එස්.දිසානායක මහතා ද , ධර්මරාජ විදුහල්පති කමල් ආරියවංශ මහතා ද සභාව ඇමතූහ.FB IMG 1666402829802

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook