වලපනේ ඵූස්සදේවයේ පොසොන් පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක්
වලපනේ ඵූස්සදේව විද්‍යාලයේ පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ ශිල භාවනාමය වැඩසටහන, ධර්මදේශනය හා දන් පිළිගැන්වීම පසුගියදා(09) විද්‍යාලයීය ප්‍රධාන ශාලවේදී පැවැත්විණ.වත්තේගෙදර සුචින්තා මෑණියන් මෙහිදී ධර්මදේශනය පැවැත්වූ අතර මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති පී.සී. ලියනාරච්චි මහතා, ගුරු මහත්ම මහත්මීන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.
