පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

තලාතුඔය, බූටාවත්ත ශ්‍රී සරණංකර මහා විද්‍යාලයට ජල පහසුකම්

තලාතුඔය, බූටාවත්ත ශ්‍රී සරණංකර මහා විද්‍යාලයට ජල පහසුකම්

තලාතුඔය, බූටාවත්ත ශ්‍රී සරණංකර මහා විද්‍යාලයට ජල පහසුකම් දිගු කාලයක් උග්‍ර ජල ගැටලුවකට මුහුණ දුන් මහනුවර අධ්‍යාපන කලාපයේ බූටාවත්ත ශ්‍රී සරණංකර මහා විද්‍යාලයට, ඇමෙරිකාවේ 'Revive to Survive' සංවිධානයේ මුල්‍ය අනුග්‍රහයෙන් ඉදිකළ ජල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා (27) විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 'Revive to Survive' සංවිධානය, ඇමෙරිකාවේ පාසල් දරුවාන්ගේ විවිධ ව්‍යාපෘති හරහා එකරැස් කරන ලද මුදලින් ලෝකය පුරා රටවල පාසල් අධ්‍යාපන කටයුතු සදහා දායකත්වය සැපයන සංවිධානයකි. ඒ අනුව මෙම ව්‍යපෘති තුලින් තලාතුඔය, බූටාවත්ත ශ්‍රී සරණංකර මහා විද්‍යාලයට අඛණ්ඩ ජල පහසුකම් හිමිවනු ඇති.මෙම අවස්ථාවට මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, මහනුවර අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන),විද්‍යාලයේ විදුහල්පති සුභානි රණතුංග මහත්මිය, ගුරුවරුන්, ඇමෙරිකාවේ 'Revive to Survive' සංවිධානයේ නියෝජිතයින්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook