පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

හඟුරන්කෙත  විද්‍යාකර මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද නව විශේෂ අධ්‍යාපන ගොඩනැඟිල්ල සිසු අයිතියට....

හඟුරන්කෙත විද්‍යාකර මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද නව විශේෂ අධ්‍යාපන ගොඩනැඟිල්ල සිසු අයිතියට....

"හැකියාව සීමා නොවේ - අවකාශය නිර්මාණය කරමු" හඟුරන්කෙත විද්‍යාකර මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද නව විශේෂ අධ්‍යාපන ගොඩනැඟිල්ල සිසු අයිතියට.... හඟුරන්කෙත විද්‍යාකර මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද නව විශේෂ අධ්‍යාපන ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය පසුගියදා (9) හඟුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු ඩි.එම්.පී.එල්. අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට හඟුරන්කෙත කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) මෙන්ම නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ආර්.එම්.ඒ. පුස්සලමංකඩ මහතා සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ භාග්‍යා සමරසිංහ මහත්මිය, විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් හා විද්‍යාලයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගී විය. ප්‍රවෘත්ති වාර්තාකරණය - ආර්.එම්.ආර්.ඩබ්.කේ.රත්නායක, විද්‍යාකර මහා විද්‍යාලය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook