පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

දැල්පන්දු නායිකා ගයන්ජලීට උපහාර.

දැල්පන්දු නායිකා ගයන්ජලීට උපහාර.

දැල්පන්දු නායිකා ගයන්ජලීට උපහාර.


පසුගිය දා සිංගප්පූරුවේදී පැවැති ආසියානු දැල්පන්දු ශුරතා තරගාවලියේ අවසන් තරගයේ දී ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාව දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයන්ජලී අමරවංශ මෙනෙවියට උපහාර දක්වා සුබ පැතීමේ උළෙලක් ඇය පදිංචි කටුගස්තොට , කහල්ල ප්‍රදේශයේ දී ඉකුත් දා පැවැත්විණි.
පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ද සහය ඇතිව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද මේ උපහාර උළෙලට පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක බණ්ඩාර අබේසිංහ මහතා , පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් මහත්මිය , පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු ආරාධිතයන් ද, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
දැල්පන්දු නායිකා ගයන්ජලී අමරවංශ මෙනෙවිය ද උත්සව සභාව ඇමතුවා ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook