පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ ජය මහනුවරට

මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ ජය මහනුවරට

මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ ජය මහනුවරට මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ පැවති මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත්විය. මෙහිදී කාන්තා හා පිරිමි මලල ක්‍රීඩා ශුරතාවයන් ද්විත්වයම දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත්වීම විශේෂත්වයකි. මහනුවර දිස්ත්‍රික්කය තරගාවලියේ දී රන් පදක්කම් 23ක් සමගින් සමස්ත පදක්කම් 62 ක් දිනා ගනිමින් සමස්ත ශුරතාවයට හිමිකම් කියද්දී රන් පදක්කම් 06 ලබාගත් මාතලේ දිස්ත්‍රික්කයට අනුශුරතාවයත් , තරගාවලියේ තෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයටත් හිමි විය. තරගාවලියේ පිරිමි මලල ක්‍රීඩා ශුරතාවය රන් පදක්කම් 09ක් දිනාගනිමින් සහ කාන්තා මලල ක්‍රීඩා ශුරතාවය රන් පදක්කම් 14 ක් සමගින් මහනුවර දිස්ත්‍රික්කය දිනා ගැනීමට සමත් වූ අතර ජාත්‍යන්තර ලකුණු 964 ක් ලබාගනිමින් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ සෆියා යමික් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් (මීටර් 100), දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ලකුණු 946ක් ලබාගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ ටී.ජී.එස්.විජේතුංග ක්‍රීඩකයාත් (දුර පැනීම ) සම්මාන ලැබිය.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාරම්භය සිදුකරන ලද අතර තරගාවලියේ ජය සංකේත ප්‍රදානය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරි ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook