
මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය
මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙහිදී මධ්‍යම පළාත නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් පළාතට ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 අදික පිරිසක් ඇගයීම ලක් කෙරින. පළාත් ,ජාතික හා ජාත්‍යන්තර චෙස් තරගාවලි වලින් ජයග්‍රහණය ලබාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා රන්,රිදී හා ලෝකඩ පදක්කම් හා සම්මාන පිරිනැමීම සිදුකරන ලදී.මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකෙෂ්වරී , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා චෙස් සංගමයේ ලේකම් කනිෂ්ක වැලිපිටිය, ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ සභාපතිනි මහේෂිකා රූපසිංහ , මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමයේ සභාපති ආර්.කළුගම්පාය ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වුහ.