පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත ශූරතාවය මහනුවර අධ්‍යාපන කලාපය හිමිකර ගනී.

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත ශූරතාවය මහනුවර අධ්‍යාපන කලාපය හිමිකර ගනී.

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත ශූරතාවය මහනුවර අධ්‍යාපන කලාපය හිමිකර ගනී. මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට මහනුවර අධ්‍යාපන කලාපය සමත්වූයේ තරගාවලියේදී සමස්ත ලකුණු නමසිය හතලිස් හයක් (946) ලබා ගනිමිනි.මෙම තරගාවලිය පුරා දින හතරක් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගනයේදී පැවැත්වුණු අතර අවසන් දින සමාප්ති උත්සවයේ ජය සංකේත ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාවට ආසියානු මීටර් 800 රන් පදක්කම් ලාභීනි, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවද එක්ව සිටියහ.මෙම ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තා 32ක් බිහිකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වීම විශේෂත්වයකි. මධ්‍යම පළාතේ පිහිටි අධ්‍යාපන කලාප පහළොවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය සඳහා තරග වැදුණු අතර ඉන් ජයග්‍රහණය කරනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර පළාත නියෝජනය කරමින් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගනී.තරගාවලිය සමස්ත අනුශූරතාවය ලකුණු441ක් ලබාගත් වත්තේගම අධ්‍යාපන කලාපයට එහිමි වූ අතර , තෙවන ස්ථානය හැටන් අධ්‍යාපන කලාපය හිමිකර ගන්නා ලද්දේ ලකුණු 321ක් හිමි කර ගනිමිනි.තරගාවලියේ සමස්ත බාලක ශුරතාවය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හිමිකර ගනු ලැබුවේ ලකුණු 226ක් සමගිනි. එහි අනුශුරතාවය ලකුණු 146 ක් ලබා ගනිමින් වලල ඒ රත්නායක විදුහලත් ,තෙවන ස්ථානය ලකුණු 82ක් හිමිකර ගත් මහනුවර ධර්මරාජ විද්‍යාලයටත් හිමිවිය. තරගාවලියේ බාලිකා ශුරතාවය අඛණ්ඩව 31 වන වරටත් හිමිකර ගැනීමට වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලය සමත් වුයේ ලකුණු 382ක් ලබා ගනිමිනි.මෙහි අනුශුරතාවය අඹගමුව මාධ්‍ය මහා විද්‍යාලය හිමිකර ගැනීමට සමත් වූයේ ලකුණු 218ක් ලබාගනිමිනි. ලකුණු 118ක් සමගින් තෙවන ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලය හිමිකර ගන්නා ලදී. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීටර් 400 ඉසව්ව තත්පර 49.04 කින් නිම කරමින් ජාත්‍යන්තර ලකුණු 880ක් හිමිකරගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කේ .එච් .උයන්වත්ත ක්‍රීඩකයා ත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර් 800 ඉසව්ව විනාඩි 2.14 .06 කින් නිම කරමින් ජාත්‍යන්තර ලකුණු 919ක් ලබා ගත් ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ තරුෂි අභිෂේකා ක්‍රීඩිකාවත් පිදුම් ලැබීය.මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සව අවස්ථාව සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ(ක්‍රීඩා) අතුල ජයවර්ධන , ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) සුසන්ත ප්‍රනාන්දු යන මහතාම මහත්මීන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook