පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

76 වෙනි නිදහස් දිනයට සමගාමි සැමරුම් උත්සවයක් මහනුවරදී

76 වෙනි නිදහස් දිනයට සමගාමි සැමරුම් උත්සවයක් මහනුවරදී

76 වෙනි නිදහස් දිනයට සමගාමි සැමරුම් උත්සවයක් මහනුවරදී 76 වෙනි නිදහස් දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උත්සවය අද පෙරවරුවේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදි මධ්‍යම පළාත් ආණ්ඩුකා‍ර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහනුවර මහනගර සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උත්සවයේදි මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුව වෙත මල්දමක් පළඳා පුෂ්පෝපහාර දැක්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකා‍ර ලලිත් යූ. ගමගේ මහතා අතින් සිදු විණි. මීට සමගාමීව සහභාගි වූ පැමිණ සිටි ආරාධිතයින් විසින් ඩී.එස්.සේනායක මැතිතුමාගේ පිළිරුව ඉදිරිපිට මල් කළඹ තැන්පත් කිරීම සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ 11වන බල සේනාංකාධිපති මහින්ද රණසිංහ මහතා, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු බස්නායක නිලමේවරුන් මහනුවර මහ නගර සභාවේ හිටපු නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook