පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ වැඩසටහන.

මධ්‍යම පළාත් පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ වැඩසටහන.

මධ්‍යම පළාත් පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ වැඩසටහන. පිරිවෙන් භික්ෂුන් වහන්සේලා සහ සීල්මාතාවන් ඇතුළු පාසල් සිසු සිසුවියන් උදෙසා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන ලද මාධ්‍යම පළාත් වැඩසටහන මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්(14) පැවැත්විණි. මධ්‍යම පළාතේ සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තුනෙන් ම අධ්‍යාපනය ලබන පාසල් දරු දැරියන් නියෝජනය කරමින් පෙළපොත් හා නිල ඇඳුම් බෙදා දීම මෙහිදි සංකේතවත්ව සිදු වූ අතර මධ්‍යම පළාතේ පාසල් 1518 ක සිසු සිසුවියන් 525,513 ක් සහ පිරිවෙන් 116 ක භික්ෂුන් වහන්සේලා හා සීල්මාතාවන් 3426 ක් සිසු සිසුවියන් 1794 ක පිරිසක් මෙවර ප්‍රතිලාභීහූ වෙති. දිවයින පුරා පාසල් 10,126 ක හා පිරිවෙන් 822 ක ඉගෙනුම ලබන මිලියන 4.5 ඉක්මවන පාසල් ශිෂ්‍ය ප්‍රජාව හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මෙන් ම සීලමාතාවන් සමස්ත ප්‍රතිලාභීහු වෙති. සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන් ම පෙළපොත් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා රජය රුපියල් බිලියන 12කට ආසන්න මුදල් ප්‍රතිපාදන වැය කර ඇත. මෙම 2024 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබී ඇති අතර සෑම දරුවකුට ම සම අධ්‍යාපන අවස්ථා සැලසීමේ අරමුණින් යුතු ව රජය ඉතිරි 20%ක නිල ඇඳුම් රෙදි ප්‍රමාණය ද, 80%ක පාසල් නිල ඇඳුම් රෙදි තොගය සපයන ලද චීන නිෂ්පාදකයා වෙතින් ම මිල දී ගෙන ඇත. මෙම වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර් මිලියන 12.7කි. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ චම්පිකා මායාදුන්නේ, මහනුවර කලාප අධ්‍යක්ෂ චමරි අන්දරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු පාසල් සිසු දරුවන් පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook