
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් පළාත් තරගාවලියේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය.
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් පළාත් තරගාවලියේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය.
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ පැවති පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් පළාත් තරගාවලියේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 20 වන දින පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි පැවැත්විණ.
මෙම වැඩසටහනේදී පළාත තුළ පවතින පළාත් පාලන ආයතන 47ක මහජන පුස්තකාල පළාත් තරගාවලියේ දී ප්‍රථම ස්ථාන ලබාගත් ජයග්‍රාහකයින් 75 දෙනෙකු වෙත සහතික ප්‍රදානය කිරීම සිදු විය. එහිදී වාඛය රචනා ,ගද්‍ය රචනා , පද්‍ය රචනා ,ජනගායනා , කථික තරග , හිටිවන කවි , චිත්‍ර , විවාද තරග යන අංශයන් ඇතුලත්ව පැවති අතර සිංහල , දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යන් ත්‍රිත්වයෙන් මෙම තරග සංවිධානය කොට ඇත.
මෙම වැඩසටහනට සමගාමිව පසුගිය වර්ෂයන්හි පැවති (2018/2019) කාර්ය සාධන තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත්‍ර ප්‍රධානය කිරීම ද සිදු කරන ලද අතර , මෙහිදී පළාතේ හොඳම ආයුර්වේද මධ්‍යස්ථානය, හොඳම මුල් ළමාවිය මධ්‍යස්ථානය හා හොඳම මහජන පුස්තකාලය සදහා සම්මාන ප්‍රදානය සිදු කරන ලදී.
පළාත් පාලන ආයතනවල පවතින මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පෙර පාසල් ගුරු තනතුරු සඳහා නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය. ඒ අනුව නව පත්වීම් 09ක් ලබාදීම සිදු කෙරින. එසේම පෙර දී පැවති පෙර පාසල් පාලිකා යන තනතුරු නාමය වෙනස් කරමින් පෙර පාසල් ගුරු තනතුරු නාමය ලබාදීම මහනුවර , මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි සේවයේ නියුතු වුවන් සදහා සංකේතවත් කරමින් ලබාදීම ද මෙහිදී සිදු කරන ලදී.
මධ්‍යම පළාත් පාළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය ලද මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, මධ්‍යම පළාත් පාළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්.කේ.සි.කේ. අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.