පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.  ගමගේ මහතා සහ චීනයේ ෂැන්හයි ප්‍රජාවේ, චීන මහජන දේශපාලන උපදේශක කමිටුවේ (Chinese People's Political Consultative Conference CPPCC) නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සහ චීනයේ ෂැන්හයි ප්‍රජාවේ, චීන මහජන දේශපාලන උපදේශක කමිටුවේ (Chinese People's Political Consultative Conference CPPCC) නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සහ චීනයේ ෂැන්හයි ප්‍රජාවේ, චීන මහජන දේශපාලන උපදේශක කමිටුවේ (Chinese People's Political Consultative Conference CPPCC) නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් පසුගියදා (20) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.මෙම සාකච්ඡාවේදී චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික, සංස්කෘතික සබඳතා සම්බන්ධයෙන් හා චීන රජය මෙරට සිදුකරන ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවිණි. එමෙන්ම මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය, ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හා ඒ සඳහා ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් ද අවධානයක් යොමු කෙරිණි.මෙම අවස්ථාව සංකේතවත් කරමින් චීන දූත පිරිස හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් අතර සිහිවටන හුවමාරුවක් ද සිදුවිණි. චීනයේ ෂැන්හයි ප්‍රජාවේ මහජන දේශපාලන උපදේශක කමිටුවේ උප සභාපති, වූ සින්බාඕ (Wu Xinbao) මහතා ඇතුළු චීන නියෝජිතයින්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට යන මහත්මින් හා මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook