පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම  පළාතේ ගිලන් රථ රියදුරන්ට  විශේෂ පුහුණුවක්

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන්ට විශේෂ පුහුණුවක්

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ඉදිරි වසර කිහිපය තුල දිවයිනේ සියළු ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ ප්‍රථම වරට මහනුවරදී ආරම්භ කළ ගිලන් රථ රියදුරන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම අරමුණු කරගෙන සංවිධානය කරන ලද විශේෂිත පුහුණු වැඩමුළුව සදහා එක් වෙමිනි. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්ත ගිලන් රථ රියදුරන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම අරමුණු කරගෙන සංවිධානය කරන ලද මෙම විශේෂිත පුහුණු වැඩමුළුව පසුගියදා මහනුවර “Simulation Centre” දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මධ්‍යම පළාතේ විශේෂිත, තෘතියික, ද්විතීයික සහ පර්යන්ත රෝහල්වල හදිසි ප්‍රතිකාර රෝගී අංශවල (ETU) ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල සදහා පසුගිය කාලය තුල විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කොට ඇති අතර ඊට සමගාමීව මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය, මාතලේ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියළු රියදුරු මහතුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය වී පැවතුනි. මෙම වැඩමුළුවේ දී පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ වලින් වැඩිම ලකුණු ලබාගත් ගිලන් රථ රියදුරන්හට සහතික පත් ලබාදීමට පියවර ගෙන පැවති අතර , ගිලන් රථ රියදුරන් හදුනා ගැනීම සදහා නිල කබායක් ලබාදීම ද මෙහිදී සිදුවිය. මෙම වැඩමුළුව සදහා මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් 200 ක් පමණ සහභාගි විය. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛතාවය ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම බවත්, ඒ සදහා නව දිශානතියක් ඇති කරමින් , ගමන්මග වෙනස් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩා ශක්තිමත් කිරිම සදහා අවධානය යොමු කර පවතින බව පැවසිය. මෙරට රෝහල් පද්ධතියේ දහසකට වඩා ප්‍රාථමික සෞඛ්‍ය ආයතන වන බවත්, පසුගිය කාලය තුල ලෝක බැංකු ආධාර යට‌තේ රෝහල් 450 ක් සම්පූර්ණයෙන්ම නැවැත සංවර්ධනය කළ බවත්, ඉදිරි වසර තුන හතර තුළ ඉතිරි සියළු ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගනිමින් මහජනතාවට වඩා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය. රියදුරු මහතුන් යනු සෞඛ්‍ය සේවාවේ කොටසක් බවත්, ගිලන් රථ රියදුරන් සදහා ප්‍රශස්ත මට්ටමේ පුහුණුවීම් පසුගිය කාලය පුරා ලබාදුන් බවත්, එම පුහුණුවීම් ලද ගිලන් රථ රියදුරන්ට ඊට අදාල සහතික පත්‍රයක් සහ විශේෂ ජැකට්ටුවක් ලබාදීමට කටයුතු කරන බවත්, මධ්‍යම පළාතෙන් ආරම්භ කළ මෙම පුහුණුව මෙරට සියළුම පළාත් ආවරණය වන සේ ක්‍රියාත්මක කරමින් සපයන සේවාවන් හි ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරිමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් , මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු , පේරාදෙණිය රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජානක ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook