පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

සියලූම ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා පෝෂ්‍යදායීය ආහාර වේලක්..

සියලූම ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා පෝෂ්‍යදායීය ආහාර වේලක්..

සියලූම ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා පෝෂ්‍යදායීය ආහාර වේලක්.. නිරෝගී දරු පරපුරක් තේමා කරගෙන සියලූම ප්‍රාථමික දරුවන් සඳහා පෝෂ්‍යදායීය ආහාර වේලක් ලබාදීමේ රජයේ ජාතික වැඩසටහනට සමගාමීව එම වැඩසටහනේ මධ්‍යම පළාත් සමාරම්ගමක වැඩසටහන ජම්බුගහපිටිය, පරණගම ප්‍රාථමික විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (25) දින පැවැත්විණි. ආර්ථික දුෂ්කරතා පවතින අවධියක දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන සදහා රජය මිලියන 16ක් වියදම් කෙරේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන් සඳහා හා ළමුන් 100කට අඩු පාසල් වල සියලු ළමුන් සඳහා මෙම වැඩසටහන යටතේ පෝෂදායි ආහාර වේලාවක් හිමිවේ. ඒ අනුව මධ්‍යම පළාතේ පාසල් 1894 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා, වත්තේගම කලාප අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්,ගුරු භවතුන් දෙමාපියන් හා සිසු දරු දැරියන් පිරිසක් මෙම අවස්ථාවලට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook