
ජාතික වෙසක් උත්සවයේ සමාරම්භය මාතලේදී.
ජාතික වෙසක් උත්සවයේ සමාරම්භය මාතලේදී.
2586 ක් වූ බුද්ධ වර්ෂයේ වෙසක් සැමරුම ආරම්භ කරමින් ජාතික වෙසක් උත්සවයේ සමාරම්භය මහා සංඝරත්නය පෙරටුව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ශ්‍රී ධර්මරාජ මහා පිරිවෙන් පරිශ්‍රයේ දී පසුගිය (22) සිදුකෙරින.
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩය විජිතසිරි ස්වාමීන් වහන්සේ , ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ, අමරපුර මහා නිකායේ අනුනායක අස්සජි ස්වාමීන් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික වෙසක් උත්සව සමාරම්භක අවස්ථාව සඳහා විදේශීය භික්ෂූන් වහන්සේලා, විදේශීය තානාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ පිරිස් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.
ලාංකීය බෞද්ධ පුනරුදය උදෙසා ප්‍රබල ශක්තියක් හා දායකත්වයක් ලබා දුන් මාතලේ පුරවරය පදනම් කර ගනිමින් මෙවර ජාතික වෙසක් උත්සව සැමරුම සතියක් පුරා සැමරීමට සංවිධානය කොට පවතී.
ශ්‍රී ලංකාවාසී ජනයා තුළ ධාර්මිකත්වය ගොඩනගමින් දෑහිතකාමී සමාජයක් බිහිකිරීමට පසුබිම උදාකිරීම සදහා බුදුදහමේ හරය ජාතික වෙසක් සතිය තුළ ඉවහල් කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙවර ජාතික වෙසක් කලාපය “අනුන් කළ දේ නොව - තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු” යන ප්‍රමුඛ තේමාව අරමුණු කර ගනිමින් වැඩසටහන් රැසක් සංවිධානය කොට පවති.
ජාතික වෙසක් සැමරුමට සමගාමීව මුද්දර තුනක් හා රාජ්‍ය වෙසක් දින මුද්දරය නිකුත් කිරීම ද මෙහිදී සිදුකරනු ලැබීය. විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් හා දහම් පාසල් සංවර්ධනය වෙනුවෙන් සංකේතවත් කරමින් මුල්‍යාධාර ප්‍රදානය කිරීමද සිදුකරනු ලැබූ අතර , පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් පොත් කට්ටල ලබාදීම , සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණුව සඳහා ආධාර ලබාදීම, දහම් පාසල් සඳහා ඩෙස් හා බංකු ප්‍රධානය කිරීම, බුදුපුත් සුරක්ෂා නිවාස ආධාර ලබාදීම සිදු කරන ලදි.
ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය පිළිබඳව අධ්‍යාපනික වටිනාකමින් යුතු විශේෂ ප්‍රදර්ශනයක් ද මෙම වෙසක් සතියට සමගාමීව මෙම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වේ.
මෙම උත්සව අවස්ථාව සඳහා බෞද්ධ කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ , මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි,ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ , අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් , ශාසනාරක්ෂක බල මණ්ඩල නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.