
ශ්‍රී වෛශාඛදාන සමිතියෙන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක්.
ශ්‍රී වෛශාඛදාන සමිතියෙන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක්.
සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව මහනුවර මධ්‍යම වෙළඳපල ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතියට වසර සියයක් සපිරීම නිමිතතෙන් ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩසටහනක් (24) එම සමිති පරිශ්‍රෙය්දි පැවැත්විණි.
මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි. මෙහිදි ගැබිණි මව්වරුන් සියයක් සඳහා පෝෂණ මළු පිරිනැමීම සහ ඔවුන් සඳහා පෝෂණිය දිවා ආහාර වේලක් ලබා දීම ද සිදුවිය.
මල්වතු මහා විහාරවාසි, රාජකීය පණ්ඩිත පූජ්‍ය දොරගමුවේ සද්ධාතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය, මධ්‍යම වෙළඳපල ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතියේ සභාපති, පී.ඒ. ඕමන්ත කුමාර, ප්‍රධාන ලේකම් එම්.ටී. සිරිල් ද සිල්වා යන මහත්වරුන්, ශ්‍රී වෛශාඛ දහම් පාසල, වෛශාඛ කාන්තා සමිතිය හා සීල සමාධි සමිතිය යන සමිතිවල සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.