
සංවර්ධන නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක්.
සංවර්ධන නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක්.
සංවර්ධන නිලධාරී සේවයේ 11 පන්තියේ නිලධාරීන් සඳහා මුදල් රෙගුලාසි සහ මධ්‍යම පළාත් සභා මූල්‍ය රීති හා රජයේ ප්‍රසම්පදාන ක්‍රියාවලිය පිළිබඳ එක් දින පුහුණු වැඩසටහනක් කුණ්ඩසාලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේ දී (31) පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රවාහන හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි එම්.එම්.ආර්.පි. මැදගෙදර මහතා සහ මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ පළාත් නිවාස කොමසාරිස් ඩී.ඩබ්.ජි. කණිෂ්කා වඩුගොඩ මහත්මිය මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස කටයුතු කළේය.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ පුහුණු අධ්‍යක්ෂ තිළිණි දෙහිගොල්ල මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කරන ලද අතර මේ සදහා සංවර්ධන නිලධාරින් 600 පමණ පිරිසක් සහභාගී වූහ.