පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් විවිධ සේවා සමුපකාර සමිති සභාපතිවරුන්ගේ සංසදයේ සංවත්සර මහා සභාව

මධ්‍යම පළාත් විවිධ සේවා සමුපකාර සමිති සභාපතිවරුන්ගේ සංසදයේ සංවත්සර මහා සභාව

මධ්‍යම පළාත් විවිධ සේවා සමුපකාර සමිති සභාපතිවරුන්ගේ සංසදයේ සංවත්සර මහා සභාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ලේදී ඉකුත්දා (18)පැවත්විණ.මධ්‍යම පළාතේ පිහිටි මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි පවතින විවිධ සේවා සමුපකාර සමිති 42 ක් නියෝජනය කරමින් සභාපතිවරුන් මේ සදහා සහභාගී විය. මෙහිදී සංසදය සදහා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීම සිදු කරන ලද අතර සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් කරුණු රැසක් සාකච්ජාවට ලක්කරන ලදී. සමුපකාරිකයන්ගේ කාර්යභාරය නිවැරදිව ඉටුකරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් සමුපකාර සමිති බහුවිදව බලගැන්වීමේ කාලින අවශ්‍යතාවය ඉටුකිරීම මෙන්ම නව දැක්මක් ඇතිව පළාතේ කටයුතු විධිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. මෙම අවස්ථාවට සමුපකාර සංවර්ධන කොමසාරිස් ,සමුපකාර සමිති රෙජිස්ටාර් අමිල නවරත්න මහතා ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook