පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ මහනුවර,නුවරඑළිය දෙදිසාවේ අධිකරණ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමේ.

ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ මහනුවර,නුවරඑළිය දෙදිසාවේ අධිකරණ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමේ.

ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ මහනුවර,නුවරඑළිය දෙදිසාවේ අධිකරණ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමේ. ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ මහනුවර/නුවරඑළිය දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ගුරුකැලේ ශ්‍රී බෝධිරාජාරාමධිපති පූජ්‍යපාද සුමනකිත්තිතිස්සාභිධාන නායක නාහිමියන් වෙත අක්තපත්‍ර පිරිනැමීමේ මහෝත්සවය (23) දොළුව, ගුරුකැලේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදි පැවැත්විණි. ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක හිමිපාණන් වහන්සේ විසින් මූලාසනය හොබවන ලද අතර ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අනුනායක එගොඩ මුල්ලේ අමරමෝලි තිස්සාභිධාන නයක හිමිපාණන් වහන්සේගේ සහ පස්වන විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ සහභාගිත්වයෙන් පැවත්විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා උත්සව සභාව අමතමින්, බුදු සසුනේ චිර පැවැත්ව උදෙසා මහා සංඝරත්නයේ කැපවිම අතිතයේ සිටම පැවති බවත් වත්මන් කාලයේදි බුදුසසුන අපකිර්තයට පත් කිරිමට විවිධ කණ්ඩායම් විසින් උත්සහ දරණ බවත් ධර්මය විවිධ ආකාරයෙන් විකෘති තත්ත්යට පත් කරමින් සිටින බවත් පැවසීය. මේ වන විට එම තත්ත්වය කරණියමෙත්ත සුත්‍රය පවා විකෘති කිරීමට පෙළඹී ඇති බවත් මෙවැනි ක්‍රියාවලින් බුදු දහම ආරක්ෂා කිරිම සදහා ගිහිපැවිදි සියලු දෙනාට වගකිමක් සහ යුතු කමක් පවතින බවද ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය. අධිරාජ්‍යවාදී සමයේ මෙරට සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොකස් එදා හෙළදිව කෘතීය මගින් එකළ මෙරට සමා‍ජයේ පැවැති යහපත් තත්ත්වය මැනවින් පෙන්වා දී ඇති බවත් එම සමාජය නැවත මෙරට බිහිකිරීමට මහා සංගරත්නය ඇතුළු වත්මන් සමාජයට වගකීමක් පවත්න බවත් වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේය. අභිනව නායක හිමි පාණන් වහන්සේ විසින් සිදු කරන සමාජීය හා ශාසනික සේවය අගය කරන බව සඳහාන් කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමා ප්‍රමුඛ රජයේ, මෙන්ම මධ්‍යම පළාත් සභාවේ සුභාශිංෂන පිරිනමන බවද වැඩිදුරටත් පැවසිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ අනුනායක ඉහළමුල්ලේ සුගුණවංශ නාහිමි, ගෙලිඔය තෙලඹුගල ශ්‍රී නි‍ග්‍රෝධකෙත්ත පරිවෙණාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති යන ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ ත්‍රෛයි කිකායික මහා සංඝ රත්නය, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න,දිළුම් අමුණුගම, හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ, මාතලේ, අම්බොක්ක පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ රයන් බන්ඩාර වලිසුන්දර,පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අලුත්ගමගේ විරසිංහ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථ දායක දායිකාවන් පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook