පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් ක්‍රීඩා කඹ ඇදීමේ ශුරතා මහනුවරට

මධ්‍යම පළාත් ක්‍රීඩා කඹ ඇදීමේ ශුරතා මහනුවරට

මධ්‍යම පළාත් ක්‍රීඩා කඹ ඇදීමේ ශුරතා මහනුවරට 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර ලෙස පැවත් වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ කඹ ඇදීමේ තරගාවලියේ දී ද්විත්ව ශුරතාවයන් හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත්විය. මෙම තරගාවලියේදී පිරිමි ශුරතාවය මෙන්ම කාන්තා ශුරතාවය ද හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය. මධ්‍යම පළාතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් මෙම තරඟාවලිය සදහා පිරිමි හා කාන්තා කණ්ඩායම් සහභාගී වූ අතර , තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී මහනුවර කණ්ඩායම විසින් මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් ශුරතාවය දිනා ගැනීමට සමත් විය. කාන්තා තරගයේ දී මාතලේ කාන්තා කණ්ඩායම පරාජය කරමින් මෙවර මධ්‍යම පළාත් කඹ ඇදීමේ කාන්තා ශුරතාවය දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම නොකඩවා වසර තුනක් මධ්‍යම පළාත් ශුරතාවය හිමිකරගෙන ඇති අතර , 2023 වර්ෂයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත් කණ්ඩායම වීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියේ අනු ශුරතා ද්විතවයම මාතලේ දිස්ත්‍රික්කය කණ්ඩායමට හිමි විය. මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ උපදෙස් මත මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට මහනුවර ,මාතලේ හා නුවරඑලිය දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරින් ,ක්‍රීඩා නිලධාරින් ඇතුළු පිරිසක් එක් වූ අතර තරග සම්බන්ධිකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරි ටෙරන්ස් බණ්ඩාර වීරකෝන් කටයුතු කරන ලදී.මෙම තරගාවලිය පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook