පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

‘සංවර්ධන  මගේ රට’ කෙටුම්පත්කරණයට සිසුන්ට ඉඩක්.

‘සංවර්ධන මගේ රට’ කෙටුම්පත්කරණයට සිසුන්ට ඉඩක්.

‘සංවර්ධන මගේ රට’ කෙටුම්පත්කරණයට සිසුන්ට ඉඩක්. ‘විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් හා තිරසර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට’ පාසල් දැනුවත් කිරීමේ ජාතික වැඩසට‍හනේ සමාරම්භක වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, පළාත් සභා ශ්‍රවනාගාරයේදී (10) පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය එකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වයෙන් සංවිධානය කෙරිණි. 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් බවට පත්කිරීම යන රජයේ දැක්ම පෙරදැරි කරගනිමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පණත් කෙටුම්පත හා ආර්ථික පරිවර්තන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුම්වත් කිරීම මෙහිදි සිදුවිණි. එහිදි මෙම පණත් කෙටුම්පත් සහ ඒවායෙන් මෙරට ආර්ථික ප්‍රගමනයට සිදුවන යහපත් බලපෑම සම්බන්ධයෙන්, අනාගත ශ්‍රම බලකාය සහ අනාගත වැඩිහිටි ප්‍රජාව ලෙස වත්මන් පාසල් සිසුන් දැනුවත් කිරීම තුළින් පුළුල් සමාජ කතිකාවතක් ආරම්භ කිරීම හා රජ‍යේ නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරවීම කෙරෙහි විවිධ මානයන්ගේ අදහස් ලබා ගැනීම සහ එම අදහස් උචිත පරිදි ප්‍රතිපත්ති සම්පාදනයේදී යොදා ගැනීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහිදි අදහස් දැක් වූ මධ්‍යම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා මෙසේ පැවසීය. 1948 පසුව වසර හැත්තෑ හයක කාලයක් විවිධ පක්ෂ ගණනාවක් මේ රට පාලනය කළා, ඒ කාල වකවානුවන් හී රට තුළ ඇති වූ අර්බූද නිසා සම්පත් රාශියක් විනාශයට පත් වූවා, 1971 හා 88/89 වර්ෂවල සිදුව කැරළි හේතුවෙන් විශාල දේපළ හා ජීවිත හානියක් සිදු වූවා, තිස් අවුරුද්දක් පැවති යුද්ධය හේතුවෙන් විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විනාශ වූවා. විනාශ වු රට ගොඩ ගන්න ණය ගන්න සිදු වුණා. ඒ නිසා රට අද මේ පවතින තත්ත්ව උදා වෙලා තිබෙනවා. මේ නිසා රජයන් මාරුවුවත්, දේශපාලන පක්ෂ මාරු වුවත් වෙනස් නොවන ප්‍රතිපත්ති රාමුවක් රටට අවශ්‍යයි. පාලනය වෙනස්වන විට පාලකයින් විසින් ඔවුනට අවශ්‍ය දේවල් සිදු කළා, ඒ නිසා අපට ජාතික වැඩපිලිවෙලක් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ සදහා අපි බොහෝ අවස්ථාවල පෙනි සිටියා, රටේ ආර්ථික සමාජීය දියුණුව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කළ යුතු, ඒ සඳහා නොවෙනස්වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුුතු කාලය එළඹී තිබෙනවා. මේ ර‍ටේ අවාසනාවකට හැත්තෑ හය වසරක පාලන කාලය තුළ එවැනි කටයුත්තක් සිදු කර නොහැකි වූ අවස්ථාවක වත්මන් ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කෙටුම්පත් පාසල් දරුවන් වෙත අධ්‍යනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බවත් පැවසීය. ඉතිහාසයේ කවරදාකවත් මෙවැනි ආකාරයේ පණත් කෙටුම්පත් දෙකක් පාසල් දරුවන් වෙත දිරිපත් කර දරුවන්ගේ අදහස් ලබා ගත් අවස්ථා නොමැති බවත් එය ඉතා හොඳ අවස්ථාවක් මෙන්ම උත්සාහයක් බවත් අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ආර්ථික කටයුතු හසුරුවා ගැනීමටත් පාසල් දරුවන්ට වැදගත් වන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනි විජේවර්ධන, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ, ජයනි වික්‍රමාරච්චි, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ.පී. ජයමහ, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ හිටපු සභාපති පී.බී. මංගල යාපා, ජනාධිපති සහකාර ලේකම් ආර්.ඩී. උමේෂා මදුවන්ති, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත්ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහ‍පොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි යන මහත්ම මහත්මීන්, ජනාධිපති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය අයතන නිලධාරින්, ගරු භවතුන්, ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයින හා සිසු සිසුවියන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook