මධ්‍යම පළාත් පැසිපන්දු ජය මහනුවරට !
මධ්‍යම පළාත් පැසිපන්දු තරගාවලිය පසුගියදා මහනුවර මහ නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ලබන කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කොට පැවති අතර මෙහිදී මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික් නියෝජනය කරමින් කණ්ඩායම් තරගවදින ලදී.
තරගාවලියේ පිරිමි හා කාන්තා අවසන් තරගයන් සදහා මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම හා මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සුදුසුකම් ලබාගන්නා ලදී. පිරිමි තරගයේ දී මහනුවර කණ්ඩායම ශුරතාවය දිනා ගැනීමට සමත් වූ අතර , එහි අනුශූරතාව මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය. කාන්තා අවසන් තරගයේදී මාතලේ කණ්ඩායම පරාජයට පත් කරමින් මහනුවර කණ්ඩායම ශුරතවය හිමිකර ගන්නා ලදී. එහි අනුශුරතාවය මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සතු විය.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ සහතිකපත් හා පදක්කම් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තුෂාරි සමරතුංග මහත්මිය එක්විය. තරගාවලියේ සම්බන්ධිකරණ ක්‍රීඩා නිලධාරි මුදිත බණ්ඩාර මහතා කටයුතු කරන ලදී.