
දියතිලක මණ්ඩපයේ ශාක පද්ධතියට නව රුක් රෝපණය කෙරේ.
දියතිලක මණ්ඩපයේ ශාක පද්ධතියට නව රුක් රෝපණය කෙරේ.
1807 වසරේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකළ “කිරිමුහුද” යන අන්වර්ත නාමයෙන් හැදින්වෙන මහනුවර වැවෙහි ඉදිකර ඇති අලංකාර දුපත “දියතිලක” මණ්ඩපය ලෙස හදුන්වයි. මෙහි සුන්දරත්වය වැඩිදියුණු කිරීම සඳහා දියතිලක මණ්ඩපයේ ශාක පද්ධතිය සදහා නවතම රුක් රෝපණ වැඩසටහනක් 08 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මල්වතු මහා විහාර අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි මහා විහාරකාරක සංඝ සභික පුජ්‍ය ඇටිපොල මහින්ද හිමි යන නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රුක් රෝපණ කටයුතු සිදු වූ අතර මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන්, විෂ්ණු දේවාල බස්නායක නිලමේ මහේන් රත්වත්ත හා මධ්‍යම පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.