පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා උභය මහා විහාර අනුනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද ලබාගනී.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා උභය මහා විහාර අනුනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද ලබාගනී.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා උභය මහා විහාර අනුනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද ලබාගනී. මධ්‍යම පළාතට අභිනවයෙන් පත්වූ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා උභය මහා විහාරිය අනුනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගනිමින් පළාතේ උන්නතිය වෙනුවෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරීමට මුල පිරිම අද දින (27 ) සිදු විය. ඒ අනුව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි ස්වාමින් වහන්සේ බැහැදැක උන් වහන්සේගෙන් උපදෙස් හා අනුශාසනා ලබා ගැනීම හා ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම අද දින (27) මහනුවර ගෙඩිගේ රජමහා විහාරයේ දී සිදුවිය. එසේම අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනු නායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නාහිමියන් අස්ගිරි මහා විහාරයේදී බැහැදැක ආශිර්වාද හා උපදෙස් ලබා ගැනීම සිදුවූ අතර , ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනු නායක පුජ්‍ය විමලධම්මාභිධාන දිඹුල්කුඹුරේ සරණංකර අනු නායක ස්වාමීන්වහන්සේ එතිහාසික මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරයේදී බැහැදැක ආශිර්වාද හා උපදෙස් ලබාගැනීම සිදු විය. එසේම ගැටඹේ රාජෝපවනාරාමයේදී රාමඤඤ නිකායේ අනුනායක පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමින් වහන්සේ ගේ ආශිර්වාද හා අනුශාසනා ලබා ගැනීම ද සිදු වූ අතර , මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook