පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

 බලශක්ති කළමනාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් මාර්ග අමාත්‍යාංශයෙන්.

බලශක්ති කළමනාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් මාර්ග අමාත්‍යාංශයෙන්.

වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ බලශක්ති කාර්යක්ෂම පරිභෝජනය තුළින් තිරසාරත්වයෙන් යුතු බලශක්ති සුරක්ෂිත අනාගතයක් කරා පිය නැගීම පිණිස රාජ්‍ය ආයතන යොමු කිරීම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ අනූව පත් කරන ලද බලශක්ති කළමනාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සම්පත්දායකත්වයෙන් යුතුව ඊයේ දින (11) මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මේ සඳහා මධ්‍යම පළාතේ සියළුම පළාත් රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් කාර්යාල සහ රාජ්‍ය ආයතන මෙන්ම මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් රෝහල්, ප්‍රාදේශීය රෝහල් හා ආයුර්වේද රෝහල් මෙන්ම සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික ශ්‍රේණියේ බලශක්ති කළමණාකරුවන් 250 ක පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව මෙම වැඩසටහන පැවැත්විණ. බලශක්තිය සඳහා වැය වන වියදම අවම කිරීමත් බලශක්ති සුරක්ෂිත අනාගතයක් ඇති කිරීමත් වෙනුවෙන් රාජ්‍ය ආයතන වල ක්‍රියාත්මක වන වැඩසටහනේ මූලාරම්භය ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ( කර්මාන්ත හා සේවා අංශය) සනත් කිත්සිරි මහත්මා සම්පත්දායකත්වය පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook