පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පළාත් පාලන බල ප්‍රදේශ අලංකරණයට පුහුණුවක්

පළාත් පාලන බල ප්‍රදේශ අලංකරණයට පුහුණුවක්

පළාත් පාලන බල ප්‍රදේශ අලංකරණයට පුහුණුවක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල පවත්නා උද්‍යාන, නගර හා මංමාවත් ඇතුළු පරිසර පද්ධතීන් උද්‍යාන තාක්ෂණය අනුව සැළසුම් කිරීම, භූමි අලංකරණය හා නඩත්තු කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හී උද්‍යාන භාරකරුවන් හා සේවකයන් දැනුවත් කිරීමේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අනුග්‍රහයෙන් හා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙය විමෙන් පසුගිය (15 හා 16 දෙදින) පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේදී පැවැත්විණි. මෙහි සම්පත්දායකත්වය පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ ජේෂ්ඨ කෘෂිකර් ම උපදේශක පී.ආර්. චමින්ද රත්නායක මහතා සහ කෘෂිකර් ම උපදේශක ආර්.පී.එස්.පී. කුමාර මහතා විසින් ලබාදෙන ලදී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook