පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

රෝගී සත්කාරක සේවාවන් රැසක්.

රෝගී සත්කාරක සේවාවන් රැසක්.

රෝගී සත්කාරක සේවාවන් රැසක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අබයකෝන් මහතාගේ සංකල්පයට අනුව පළාත පුරා සායන පැවැත්වීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සංවිධානය කර ඇත. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන් ඈත ගම්බද ප්‍රදේශ ආශ්‍රිත රෝගීන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, එහි ආරම්භක වැඩසටහන දික්ඔය දිස්ත්‍රික් රෝහලේ දී පසුගියදා පවත්වනු ලැබීය. එම සායනයේදී රෝගීන් 345 දෙනෙකුගේ අක්ෂි පරීක්ෂාවන් සිදු කළ අතර, ඉන් 96 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කන්ණාඩි ලබා දුන් අතර , 215 දෙනෙකු ශල්‍යකර්ම වෙත යොමු කෙරිණි. පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් අධිකාරි මහතාගේ උපදෙස් පරිදි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතාගේ මෙහෙයවීමෙන් අක්ෂි විශේෂඥ වෛද්‍ය සමන් සේනානායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම සායනය පැවැත්විණි. මෙම රෝගී සත්කාරක සේවාව මධ්‍යම පළාත තුළ පැවැත්වීමට සැළසුම් කර ඇති අතර, මෙම මස 26 වන සෙනසුරාදා විල්ගමුව ග්‍රාමීය රෝහ‍ලේ දී විශේෂ දන්ත සායනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook