
දේශීය කුළුබඩුවලට වටිනාකමක් ලබාදීමේ නව වැඩසටහනක් මහනුවර දී
දේශීය කුළුබඩුවලට වටිනාකමක් ලබාදීමේ නව වැඩසටහනක් මහනුවර දී
රටේ ජනතාව තුළ වයස් භේදයකින් තොරව සීග්‍රයෙන් ඉහළ යන බෝනොවන රෝග රැසකට පිළියම් ලෙස දේශීය කුළුබඩු භාවිතය වැඩි වටිනාකමක් ගනී. අතීතයේ සිට පැවත එන දේශීය කුළුබඩු භාවිතයට නව වටිනාකමක් එක් කරමින් එය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ නව වැඩසටහනක් පසුගියදා මහනුවරදී සංවිධානයකොට පැවතුනි.
දේශීය කුළුබඩු භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා කුළුබඩු ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද spicy gallery 2024 (ස්පයිසී ගැලරී) වෙළෙද ප්‍රදර්ශනය පසුගියදා මහනුවර KCC හිදි පැවැත්විණ.
මධ්‍යම පළාත තුළ සිටින කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින් බලගැන්වීම වෙනුවෙන් සංවිධානය වූ මෙහිදී කුළුබඩු , කුළුබඩු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන , නව නිෂ්පාදන හා විදේශීය වෙළදපොල ඉලක්කව සිදුකරනු ලබන නිෂ්පාදනයන් ප්‍රදර්ශනය සදහා එක්කොට පැවතුනි. කාලිනව ජනයා අතර ඉහළයන බෝනොවන රෝග රැසකට පිළියම් ලෙස දේශීය කුළුබඩු භාවිතය වැදගත් වන අතර ඒ සදහා උනන්දුවක් ජනතාව අතර ඇති කිරීමත් , ඔවුන්හට පහසුවෙන් නව නිෂ්පානයන් ලබාගැනීමට අවස්ථා ඇති කිරීමත් වෙනුවෙන් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කෙරින. එසේම කුළුබඩු කර්මාන්තය මධ්‍යම පළාත තුළ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යවසායකයින් දිරිගැන්වීම හා ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළඳපොළ අවස්ථා ඇති කිරීමටත් මෙමගින් අපේක්ෂිතය.
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා මහනුවර අතිරේක දිසාපති නිලුකා බුලත්ගේ , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස් ප්‍රේමචන්ද්‍ර , කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.