පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

තලාතුඔය සරණංකර විද්‍යාලය සිය කුළුඳුල් සමස්ත ලංකා ජයග්‍රහණය හිමිකරගනී

තලාතුඔය සරණංකර විද්‍යාලය සිය කුළුඳුල් සමස්ත ලංකා ජයග්‍රහණය හිමිකරගනී

- තලාතුඔය සරණංකර විද්‍යාලය සිය කුළුඳුල් සමස්ත ලංකා ජයග්‍රහණය හිමිකරගනී - සමස්ත ලංකා සංගීත තරඟය 2024 - ශෛලිගත නාට්‍ය ජවනිකා සමූහ/ විශේෂ /ගැහැණු සිංහබාහු නාට්‍ය තරඟ අංශයෙන් 300 ට අඩු පාසැල් තරඟ ශීර්ෂයෙන් දිවයිනේ පළාත් 8ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගෙන එදිරිවීර සරත්චන්ද්‍ර සම්මානය පාසැලට හිමිකර දීමට ම/ප තලාතුඔය, බූටාවත්ත ශ්‍රී සරණංකර කණිෂ්ඨ විද්‍යාලයේ සෞන්දර්ය අංශය (සංගීත) නියෝජනය කළ සිසු දියණියන්ට හැකිවිය. එම දැරියන් පිළිගැනීම සඳහා සංවිධානය කල උත්සවයක් පසුගිය 08 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා මහනුවර අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය විෂය ගුරු උපදේශක නිහාල් තිලකරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්, මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා බූටාවත්තේ සරණංකර ස්වාමින්වහන්සේ නියෝජනය කරමින් පැමිණි මැලේසියානු ජාතික ආරාධිතයින් පිරිසක්, මහ/ විද්‍යාර්ථ විද්‍යාලයේ නාට්‍ය කලා ආචාර්ය සමන් ලියනාරච්චි ගුරු මහතා, එම විදුහලේ අසල්වැසි පාසල්වල විදුහල්පතිවරුන් කිහිපදෙනෙක්, විදුහල්පති සුභානී රණතුංග මහත්මිය ඇතුළු විදුහලේ ගුරු මණ්ඩලය දරු දැරියන් සහ දෙමවුපියන් පිරිසක් සහභාගීව සිටියහ. සරණංකර විද්‍යාලයීය ඉතිහාසයේ සිය කුළුදුල් සමස්ත ලංකා ජයග්‍රහණයට හිමිකම් කියමින් එම විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දීමට එම දියණියන්ට හැකිවීම මෙහි සුවිශේෂ කරුණ වේ. එම තරඟ පසුගිය 02 වන දින කොළඹ ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති පිරිමි විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. එහිදී බූටාවත්ත ශ්‍රී සරණංකර විද්‍යාලය වෙනුවෙන් ශෛලිගත නාට්‍ය ජවනිකා සමූහ/ විශේෂ /ගැහැණු සිංහබාහු නාට්‍යයේ වගුරට නරනිඳු ගීතය ඉදිරිපත් කළ ශලිනි, හංසිකා, දැහැමි, ප්‍රසාදි, අනෝමා, ජනනි, මදූෂිකා, හිමායා, දිල්මි, දුල්මිණි, යන සිසුවියන් විසින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී. මේ සඳහා දරුවන් මෙහෙයවමින් පුහුණු කළ විද්‍යාලයීය සංගීතාචාර්යනී විජිත මල්ලිකා ගුරු මහත්මිය ඇතුළු ඒ සඳහා ඇපකැප වී කටයුතු කල සුභානී රණතුංග විදුහල්පතිතුමියගේ මඟපෙන්වීම යටතේ, ආචාර්ය මණ්ඩලයේ පූජ්‍ය තෙරිපැහැ සරණසිරි ස්වාමීන් වහන්සේ සහ සියලුම ගුරු මහත්ම මහත්මීන්ගේ සහයෝගය ඇතුව මෙම තරඟය සඳහා සහභාගි වී ඇත. එමෙන්ම එම පාසලේ නිත්‍ය සුභ පතන්නෙකු වන මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා බූටාවත්තේ සරණංකර ස්වාමීන් වහන්සේ විසින් තරඟයට සහභාගීවීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය හා සියලුම පහසුකම් ලබා දී ඇත. තරඟයකට වාදනය කළ හැකි මට්ටමින් සංගීත භාණ්ඩ එම විද්‍යාලයේ නොමැති පසුබිමක තම වටිනා කාලය මේ සඳහා කැපකරමින්, මෙම දරුවන් පුහුණු කල හා අංග රචනයෙන්, සහය වාදනයෙන් තම පාසැලේ දරුවන් ලබා දුන් මහ/ විද්‍යාර්ථ විද්‍යාලයේ නාට්‍ය කලා ආචාර්ය සමන් ලියනාරච්චි ගුරු මහතාටත්, එම විදුහලේ විදුහල්පති ලුතිනන් කර්නල් එම්.ආර්.පී.මායාදුන්න මහතා ඇතුළු එම දරුවන්ටත්, දෙල්ගොඩ මහමෙව්නා බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු එම විද්‍යාලයේ විදුහල්පති හා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, විශේෂ ස්තූතියක් පුද කර සිටින බව සරණංකර විද්‍යාලයීය විදුහල්පති සුභානී රණතුංග මහත්මිය සඳහන්කර සිටියාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook