පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවරින් ඇරඹී ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’

මහනුවරින් ඇරඹී ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’

මහනුවරින් ඇරඹී ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’ ජාතීන් අතර සහජීවනය වඩාත් ශක්තීමත් කිරීමේ අරමුණින් පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’ වැඩසටහන මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් (05) දින පවැත්විණි. මෙම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුව, මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සමාජ විද්‍යා අංශයේ අනුග්‍රහයෙන් මහනුවර කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව විසින් සංවිධානයෙන් පවත්වන ලදි. මෙහිදි ජාතීන් අතර සංහිදියාව ප්‍රවර්ධනය වන අයුරින් සජීවි සිතුවම් නිර්මාණය කිරීම, වීදී නාට්‍ය, ගායන ඉදිරිපත් කිරීම, සමාජ සංවාද, තූර්ය වාදන සංදර්ශන හා පාද යාත්‍රා යන වැඩසටහන්, මහනුවර සහස් උයන, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය, රැජින හෝටලය ඉදිරිපිට යන ස්ථානවල දී සිදු කෙරිණි. මෙම වැඩසටහන් අවසානයේ ඊ‍ට දායක වූ සිසු සිසුවීයන් පිරිස ඇගයීම සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම මහනුවර සහස් උයන පරිශ්‍රයේදි සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මඩුගල්ලේ පඤ්ඤාසාගර හිමි, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) ධම්මිකා රත්නසුරේන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.ඩී.ඩි. ප්‍රියදර්ශනි, ගුරු උපදේශක තිසරි තේජනී යන් මහත්මීන්, ඇතුළු ගුරු භවතුන් සිසු දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook