පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පාසල් සිසුන් සත්ත්ව පාලනයට සහ කෘෂි භෝග වගා කිරීම‍ යොමු කිරීමේ වැඩසටහනක්.

පාසල් සිසුන් සත්ත්ව පාලනයට සහ කෘෂි භෝග වගා කිරීම‍ යොමු කිරීමේ වැඩසටහනක්.

පාසල් සිසුන් සත්ත්ව පාලනයට සහ කෘෂි භෝග වගා කිරීම‍ යොමු කිරීමේ වැඩසටහනක්. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පාසල් සිසුන් සදහා කුකුල් පැටවුන් සහ පොල්පැල ලබා දීමේ වැඩසටහනක් එම ප්‍රදේශීය ‍ලේකම් කාර්යාලයේදී (10) දින පැවැත්විණි. මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය විසින් සංවිධානය කළ‍ මෙම වැඩසටහන යටතේ ග්‍රාම සේවා වසම් පහක තෝරාගත් අඩු ආදායම්ලාභී පාසල් සිසුන් පනස් දෙනෙක් සඳහා කුකුල් පැටවුන් සහ පොල්පැල ලබා දී සිදුවිණි. පාසල් සිසුන් සත්ත්ව පාලනයට සහ කෘෂි භෝග වගා කිරීම සඳහා යොමු කිරීම මගින් අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ ආර්ථිකය ශක්තීමත් කිරීම, අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.ඩබ්ලිව්. ලක්ෂ්මි, ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් බී.එම්.එන්. අරඹේපොල, යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook