පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්”

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්”

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කෙරෙන “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන 2025 ජනවාරි 17 වන දින මධ්‍යම පළාතේ පිහිටි පළාත් පාලන ආයතන සියල්ල මගින් ක්‍රියාත්මක කෙරේ. පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පාරිසරික සංකල්පය යටතේ “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන පළාත් පාලන බල ප්‍රදේශයන්හි ආරම්භ කෙරේ. පාරිසරික, ආර්ථික , සාමාජිය තිරසාරත්වය හා පාලන ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන සංකල්ප 04 ක් යටතේ පළාත පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන මධ්‍යම පළාතේ පිහිටි පළාත් පාලන ආයතන 47 තුළම මෙදින සිට ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානින් දැනුවත් කිරීමේ කටයුතු පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන ,පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්මීන් ද සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook