පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්”ගොඩනැගීම සදහා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින් දැනුවත්  කෙරේ.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්”ගොඩනැගීම සදහා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්”ගොඩනැගීම සදහා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ. Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් දැනුවත් කිරීමට පියවර ගැනේ. මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් දැනුවත් කරමින් ප්‍රායෝගික නැබුරුවක් සහිතව මෙම වැඩසටහන සදහා දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (16) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට පැවති අතර ,මේ සදහා සම්පත්දායකත්වය ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ලලිත් දසනායක මහතා විසින් ලබාදෙන ලදී. පාරිසරික , සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය රජයේ මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර , එහි පළමු පියවර ලෙස පාරිසරික සංකල්පය යටතේ පිරිසිදු පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් වූ වැඩසටහන් මේ වනවිට ආරම්භ කොට ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook