
ජනහිතකාමී පිරිසිදු පරිසරයක් ගොඩනැගීම සදහා කාන්තා හා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් නව වැඩසටහනක්.
කසළ කළමනාකරණය විදිමත් කරමින් මධ්‍යම පළාත තුළ ජනහිතකාමී පිරිසිදු පරිසරයක් ගොඩනැගීම සදහා කාන්තා හා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කිරීමට මධ්‍යම පළාත සැලසුම් කරයි.
මෙහිදී වගකීම් සහගත පරිභෝජනය , සුරක්ෂණය හා තිරසර කසළ කළමනාකරණයක් වෙනුවෙන් දැනුවත් ප්‍රජාවක් බිහිකිරීම සදහා පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර චක්‍රීය ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබාදීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරෙන මෙම වැඩහටහන පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් (16) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණ.
සියලු රාජ්‍ය ආයතන , පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා පාසල් ප්‍රජාව එක්ව ජන සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී දැනුවත් කිරීම සිදු විය. මිට සමගාමිව ප්ලාස්ටික් එක්රැස් කරන මධ්‍යස්ථාන 05ක් ස්ථාපිත කිරීමට ද යෝජිතය.
ජන තාක්ෂණ පුද්ගලික ආයතනයේ දායකත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)කේ.ජි.නිශ්ශංක , ජන තාක්ෂණ ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු බුද්ධික සෝමරත්න යන මහත්ම මහත්මීන් , ආරක්ෂක අංශ ,අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ආයතන නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගී වුහ.