පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී ට්‍රිමේෂ් මංජුල සුරවීර ආරච්චි හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 30 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයා පැවසුයේ රාජ්‍ය නිලධාරීන් අධිකරණ කටයුත්තක් හැරුණු කොට ඉන් පසු වැදගත්ම රාජකාරිය බවට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම පත්කර ගත යුතු බවයි. යම් නිලධාරීයෙකු සම්බන්ධිකරණ කමිටුවට නොපැමිණිමේදි ඒ ආයතනයේ විෂයට අදාලව ජනතා ගැටලුවකට විසදුම් දීමට තවදුරටත් කල් යාම ජනතාව ට සිදු කරණ අසාධාරණයක් බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම සම්බධිකරණ කමිටුවේදී , නිරන්තරයෙන් හදිසි ආපදා තත්වයන්ට මුහුණදීමට සිදුවන දිස්ත්‍රික්කයේ පවතින ප්‍රදේශයන් සදහා ස්ථිරසාර විසදුම් ලබාදීමට කටයුතු යෙදිය යුතු බවත්, මේ වනවිට ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සිදුකළ යුතු කටයුතු සියලු ආයතන එක්ව සිදුකරන ලෙස දන්වන ලදී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අලිවැටවල් නිසිලෙස නඩත්තු නොවීමෙන් ජනතාවට සිදුවන හානි වල්වාගැනීම සදහා මෙහිදී කරුණු සාකච්ඡා කරන ලද අතර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 68 වපසරියක අලිවැට ස්ථාපිත කර පවතින බවද අනාවරණය විය. දිස්ත්‍රික්කයේ පාසල් වල පවතින ගුරු හිගය ඇතුළු පාසල් අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවත් , දිස්ත්‍රික්කයේ පවතින අධ්‍යාපන කලාප පහ තුළ ගුරු තුලනය කිරීමේ කටයුතු මේ වන විට ආරභ කොට ඇති බවත් දැනුම්දෙන ලද අතර මේ වනවිට දිස්ත්‍රික්කය පැවති තත්ත්වයට වඩා අධ්‍යාපනයේ ප්‍රතිපල වලින් දියුණුවක් ලගාකරගෙන පවතින බවට ද මෙහිදී කරුණු ඉදිරිපත් කරනු ලැබිය. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් සාධනීය තීරණ රැසක් මේ වනවිට ගෙන ඇති අතර සේවයේ නියුක්ත පිරිසගේ ගැටළු විසදීම වෙනුවෙන් නව මෘදුකාංගයක් හදුන්වාදී කඩිනමින් ගැටළු සදහා සේවාවන් ලබාදීමට ද පියවර ගෙන ඇති බව කමිටුවට දන්වන ලදී. මධ්‍යම පළාත් සභාව යටතේ 2024 වර්ෂයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් අමාත්‍යංශ මටටමින් ව්‍යාපෘති 911 අවසන් කර ඇති අතර, 2025 වර්ෂය සදහා විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි රුපියල් මිලියන 7340 වෙන්කර ඇති බව ද මෙහිදී දැනුම් දෙන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රධානම සංචාරක පුරවරය ලෙසින් නුවරඑළිය නාගරික ප්‍රදේශවල පහසුකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අංශ රැසක් යටතේ කරුණු සාකච්ජාවට බදුන් වූ අතර , නුවරඑළිය ගෙගරි වැව හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දැනට සිදුවන කටයුතු විදිමත් ලෙස සිදු කිරීමට නිශ්චිත ආයතනයක් වෙත වගකීම පවරාදින හා දැනට පවතින ගැටළු කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සදහා සියලු පාර්ශවයන්ගේ එකගත්වය ඇතිව තිරණයක් ගැනිමට මෙහිදී තීරණය විය. අධ්‍යාපන කටයුතු සංවර්ධනය, මහාමාර්ග සංවර්ධනය , ඉඩම් කටයුතු සංවර්ධනය, සෞබ්‍යය කටයුතු සංවර්ධනය , වාරීමාර්ග සංවර්ධනය, ජල සම්පාදනය ,පළාත් පාලන ක්ෂේත්‍රය ඇතුළු පොදු ජනතා අභිලාශයන් ඉටුකිරීම වෙනුවෙන් අංශ රැසක් පිළිබඳව කරුණු මෙහිදි සාකච්ඡාවට ගැනිණ. මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර දහම් බණ්ඩාර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන වි.රාධා ක්‍රිෂ්ණා, අනුෂ්කා දර්ශනී තිලකරත්න. කේ.කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටිහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook