පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

“උත්තම ප්‍රභා” විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහන.

“උත්තම ප්‍රභා” විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහන. ජාතික අධ්‍යාපන සාදන මට්ටම් ළගාකර ගනිමින් , වත්තේගම අධ්‍යාපන කලාපයේ ඉගෙනුම් ප්‍රතිඵලය ඉහළට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක වූ විදුහල්පතිවරුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහන “උත්තම ප්‍රභා” මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධූපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී 06දින පැවැත්වින. මෙම ඇගයීම් වැඩසටහනේදී මධ්‍යම පළාත අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට ඔසවා තැබීමට වැඩි දායකත්වයක් ලබාදුන් වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල් ඇගයීමට ලක් කරන ලද අතර ඒ සඳහා කැපවී ක්‍රියා කරන ලද විදුහල්පතිවරුන් හට උපහාර පිදීම සිදු විය. මෙහිදී වත්තේගම කලාපයේ පවතින පාසල් අත් කරගෙන පැවැති ජාතික අධ්‍යාපන සාදන මට්ටම් අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය පදනම් කර ගනිමින් මෙම ඇගයීම හා උපහාර පිදීම සිදුකරන ලද අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය යන අංශයන්ගෙන් විශිෂ්ට සාධන මට්ටමක් අත් කරගෙන පැවැති පාසල් වල විදුහල්පති වරුන් මෙහිදී විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම කලාපයේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු සිදුකළ අධ්‍යක්ෂ කාර්යය මණ්ඩලය , ගුරු උපදේශකවරුන් හා නිලධාරීන් ද මෙහිදී ඇගයීමට ලක් විය. වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ උපදෙස් මත වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් , පූර්ව ළමවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී. කේ. ගුණතිලක ,අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ. කේ. ඇලිකේවල, සහකාර ලේකම් නයනි තෙන්නකෝන් , අධ්‍යක්ෂ (සැලසුම්) පි. කේ.හේරත් යන මහත්ම මහත්මීන් විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook