පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මහනුවරදී..

මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මහනුවරදී..

‘මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මහනුවරදී.. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගමය සහ මහනුවර දිස්ත්‍රික් සංගමය එක්ව වාර් ෂිකව සංවිධානය කරනු ලබන ‘මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මෙවරත් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාර‍යේ දී (22) පැවත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්විණි. මෙම තරගාවලිය කාන්තා පිරිමි වශයෙන් තරග අංශ, බර පන්ති කිහිපයක් යටතේ සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගම‍යේ ලේකම් කේ.එව්. කපිල කුමාර, මහනුවර දිස්ත්‍රික් කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගම‍යේ සභාපති ආර්.එම්. බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කාය වර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook