පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ස්පයිසී ගැලරී -2025  වෙළෙද ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC)  හිදි.

ස්පයිසී ගැලරී -2025 වෙළෙද ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි.

දේශීය කුළුබඩු භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා කුළුබඩු ආශ්‍රිත කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද ස්පයිසී ගැලරී -2025 (Spicy Gallery 2025) වෙළෙද ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි (29) ආරම්භ විය. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙහිදී කුළුබඩු, කුළුබඩු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන , නව නිෂ්පාදන හා විදේශීය වෙළදපොල ඉලක්කව සිදුකරනු ලබන ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවිය සදහා පහසුකම් සලසා දී තිබිණී. මෙම අලෙවි ප්‍රදර්ශනය මාර්තු මස 30 සහ 31 යන දෙදින ද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යයංශයේ ලේකම් මධුපානී පියසේන, මධ්‍යම පළාත් ප්‍රධාන පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන්, කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, ඒම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන්, මහනුවර හෝටල් පාසලේ විධායක අධ්‍යක්ෂ දුලේන්ද්‍ර හේරත් යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook