පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම  පළාත් රාජ්‍ය  සේවයේ අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතන වල සේවයේ නියුක්ත සියලු ස්ථරවල නිලධාරින් සදහා “ස්වයං සංවර්ධනය සහ ස්වයං කළමනාකරණය ” පිළිබදව පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතන වල සේවයේ නියුක්ත සියලු ස්ථරවල නිලධාරින් සදහා “ස්වයං සංවර්ධනය සහ ස්වයං කළමනාකරණය ” පිළිබදව පුහුණු වැඩසටහනක්.

මධ්‍යම  පළාත් රාජ්‍ය  සේවයේ අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතන වල සේවයේ නියුක්ත සියලු ස්ථරවල නිලධාරින් සදහා “ස්වයං සංවර්ධනය සහ ස්වයං කළමනාකරණය ” පිළිබදව පුහුණු වැඩසටහනක් අද දින (28 ) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී  දී පැවැත්විණ . 

 නිලධාරීන්ගේ ස්‌වයං පෞර්ෂත්වය ගොඩනගා ගැනීම හා එය කළමනාකරණය කර ගැනීම පිලිබඳ පැවැත්වූ මෙම වැඩසටහනෙහි  සම්පත් දායකත්වය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුජාන් නානායක්කාර මහතා විසින් ලබාදෙන ලදී.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලු වැඩසටහන් සදහා රාජ්ය මුල්ය කළමනාකරණ කිරීමේ අරමුණ ඇතිව සම්පත්දායක දීමනා , දිවා ආහාර හා ලිපි ද්රව්ය ලබාදීමකින් තොරව සංවිධානය කෙරෙන අතර , මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ  තිලිණි දෙහිගොල්ලේ මහත්මිගේ අධීක්ෂණය හා මෙහෙයවීම මත මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook