පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාතේ ප්‍රාථමික පාසල්  සංවර්ධනයට පියවර

මධ්‍යම පළාතේ ප්‍රාථමික පාසල් සංවර්ධනයට පියවර

මධ්‍යම පළාතේ ප්‍රාථමික පාසල් සංවර්ධනයට පියවර මධ්‍යම පළාතේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය (13) දින පැවැත්විණි.මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගීත්වය ඇතිව පැවැත් වූ මෙම සාකච්ඡාව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය, ආණ්ඩුකාර කාර්යාලය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලදී. මෙහිදී 2025-2027 දක්වා ක්‍රියාත්මක මෙම ප්‍රාථමික පාසල් සංවර්ධනය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කලාප මට්ටමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම කලාප මට්ටමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේදී පවතින ගැටලු සහ යෝජනා, අදහස් ලබා ගැනීම ද ඒ සදහා අවශ්‍ය විසදුම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සිදු කෙරිණී. ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට අදාළ නියමු ව්‍යාපෘතිය ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් තුනක් තෝරාගෙන 2025 වසරේදි ආරම්භ කෙරිණී. ප්‍රාථමික පාසල් සංවර්ධන වයාපෘතිය යටතේ වසර තුනක කාලය තුළ කලාප මට්ටමින් පාසල් 40 ප්‍රමාණයක් සංවර්ධන කිරීම සඳහා තෝරාගෙන ඇත. මෙම අවස්ථාව සඳහා මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තනුර දිසානායක, මංජුල සුරවීරආරච්චී, දිනේෂ් හේමන්ත යන මහත්වරු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, සහකාර ලේකම් නයනී තෙන්නකෝන්, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.එම්.ඒ.කේ. ඇලිකේවල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමික හෙට්ටිආරච්චි, යන මහත්ම මහත්මීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook