පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම හා වයඹ අභ්‍යන්තර කටයුතු ඒකක බලගැන්වීමේ වැඩසටහනක්

මධ්‍යම හා වයඹ අභ්‍යන්තර කටයුතු ඒකක බලගැන්වීමේ වැඩසටහනක්

මධ්‍යම හා වයඹ අභ්‍යන්තර කටයුතු ඒකක බලගැන්වීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් සභාවේ සහ වයඹ පළාත් සභාවේ රාජය ආයතන තුළ පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකක බලගැන්වීම සඳහා සංවිධානය කළ දෙදින පුහුණු වැඩසටහනක් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගියදා (17) ආරම්භ කෙරිණි.ජනාධිපති ලේකම් කාර්යාලය, මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහාය ඇතිව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබිණි. අල්ලස දූෂණය සහ අනෙකුත් අක්‍රමිකතා වැළැක්වීම සඳහා වන නීති සහ යාන්ත්‍රණයන් පිළිබඳව අභ්‍යන්තර කටයුතු ඒකකවල සාමාජිකයන්ගේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම, නීතී විරෝධී ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට සහ පුද්ගලික සුපිළිපන්භාවය ඇති කිරීමට තම ආයතනයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට අභ්‍යන්තර කටයුතු ඒකකවල සාමාජිකයින්ට සහාය වීම මේ යටතේ සිදු කෙරේ.ඒමෙන්ම සේවා ස්ථානවල අල්ලස, දූෂණය සහ අනෙකුත් අක්‍රමිකතා මැඩපැවැත්වීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකවල සාමාජිකයින් හරහා ආයතනික ධාරිතාව ගොඩනැගීම යන අරමුණු ඔස්සේ මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.මෙහිදි රාජ්‍ය ආයතනවල ස්ථාපිත අභ්‍යන්තර කටයුතු ඒකක පිළිබඳව හැදින්වීම, අරමුණු, සමාජික වගකීම, අභ්‍යන්තර කටයුතු ඒකකවල ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්,ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරීන් මේ සඳහා සහභාගී වූ අතර මධ්‍යම පළාත් සභාව නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් සභාගි විය.මෙම පුහුණු වැඩසටහන සඳහා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුලු විශේෂ සම්පත් දායකයින් පිරිසක් සහභාගී විය. මෙම පුහුණුව මධ්‍යම හා වයඹ පළාත් සභාවල විවිධ රාජ්‍ය ආයතන 25 ක නිළධාරීන් 100ක් ඉලක්ක කරගනිමින් පැවැත්වේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook