මැදරට ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට විශේෂ සාකච්ඡාවක්
මැදරට ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට විශේෂ සාකච්ඡාවක්
මැදපෙරදිග රටවල පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ ඉන්දන සහ බල ශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (02) දින පැවැත්විණී.මෙම සාකච්ඡාව අදියර දෙකක් යටතේ පැවැත්විණි. ඒ යටතේ පළමු අදියරේ දී මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන සඳහා ද දෙවන අදියර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු මධ්‍යම රජයේ ආයතන සදහා වෙන්කර තිබිණී.
මෙහිදි ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව රජය විසින් වරින්වර නිකුත්කරන ලද චක්‍ර ලේඛ සහ මාර්ගෝපදේශන සම්බන්ධව අවධානය යොමුවිය. ඒ අනුව මේ සදහා සහභාගීවූ ආයතන විසින් අදාළ ඉන්ධන සහ බල ශක්තිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග, සැළසුම් සහ පවතින ගැටලු සහ විසඳුම් සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලදී. මේ යටතේ ගන්නා ලද ක්‍රියාමාර්ග, නිලධාරීන් දැනුවත් කිරීම ආදි හේතුවෙන් බල ශක්තිය සංරක්ෂණය සදහා වූ දායකත්වය ඉදියේදී සමාලෝචනයකර සවිස්තරාත්මකව වාර්තා කිරිමට ද අදාළ ආයතන එකගතාවය පළකළේය.මෙම අවස්ථාව සදහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස යන මහත්ම මහත්මින් ඇතුලු අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, දෙපාර්තමේන්තු හා ප්‍රධානීන්, ඇතුලු නිලධාරීන් පිරිසක් එක් වූහ.
