මධ්‍යම පළාතේ අභිනව ආණ්ඩුකාර ධුරයට විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා පත්කර තිබේ.
ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ආණ්ඩුකාර ධුරයේ දිව්රුම් දීමෙන් පසු අදාළ පත්වීම (05) පස්වරුවේ ඒ මහතා වෙත ලබාදී ඇත.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසුවෙකු වන ඒ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් වෘත්තිය සහ පාරිසරික සෞඛ්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධිතව පර්යේෂණ කටයුතු වල නිරතව ඇති ඒ මහතා, ටිමෝර්, ලෙසතෝ සහ ඉන්දුනීසියාව යන රටවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත.
මහනුවර, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයකු සේවය කර ඇති ඒ මහතා, ආණ්ඩුකාර ධුරයට පත්වන විට මහනුවර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිටියේය.
