පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් ආයතන ප්‍රධානීන් හමුවේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් ආයතන ප්‍රධානීන් හමුවේ.

මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන හා ව්‍යාවස්ථාපිත ආයතන ප්‍රධානීන් අතර හමුවක්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (11) දින පැවැත්විණි.
මෙම හමුවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා තම ධුරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහ පවතින අභියෝග සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීම සිදු කළේය. ඒ අනුව මධ්‍යම පළාතේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා රාජ්‍ය සේවකයින් ලෙස හා ආයතනික වශයෙන් උපරිම දායකත්වය ලබා දෙන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය නායකත්වය මෙන්ම රජය සමග සම්බන්ධීකරණය ඉටු කර දීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.පළාතේ රාජ්‍ය ආයතන තුළ නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය කිරීම, සේවා කාර්යක්ෂමතාව සහ ආකල්ප සංවර්ධනය කර ගැනීම සහ මහජන සේවා සැපයීම විධිමත් කිරීම, මානුෂීය ගුණාංග වර්ධනය කර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.2026 වර්ෂයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ ආයතනික මට්ටමේ පවතින ගැටලු, අදහස් හා යෝජනා ලබා ගැනීම ද මීට සමගාමීව සිදු කෙරිණි. එමෙන්ම ඉදිරියේදී ආයතනික මට්ටමින් එක් එක් ආයතන සම්බන්ධයෙන් වෙන් වශයෙන් කාර්යභාරයන් හඳුනා ගැනීමට ද තීරණය වූහ.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, සභා ලේකම් සුජානි ආර්. විජේතුංග, වැඩ බලන ආණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන හා ව්‍යාවස්ථාපිත ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook