ඉන්දියා-ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ කටයුතු ශක්තිමත් කිරීම සහ දේශසීමා හරහා සහයෝගීතාව සඳහා නව මංපෙත් ගවේෂණය කිරීමේ අරමුණින් ව්‍යාපාරික ප්‍රජාවන් එකට එක් කරමින්, "දේශසීමා ඉක්මවා ව්‍යාපාර හමුවන තැන" තේමාව යටතේ 'ඉන්දු-සිලෝන් ව්‍යාපාරික සම්බන්ධතා' (Indo-Ceylon Business Connect) සමුළුව මහනුවර, අම්පිටිය පාර පිහිටි ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී (17) පැවැත්විණි.
මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය මධ්‍යම පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය හා එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රුපියලෙන්-රුපියලට සිදු කෙරෙන වෙළඳාමේ (Rupee-to-Rupee Trade) ප්රතිලාභ, වෙළඳ අවස්ථා, ව්‍යාපාර ලියාපදිංචිය සහ පුළුල් ආර්ථික සහයෝගීතාව පිළිබඳව ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ දායකත්වයෙන් යුතුව විද්වත් මණ්ඩල සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා වී. එස්. මහත්මිය ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් ද, මධ්‍යම පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජගත් දිසානායක මහතා ඇතුළු එම මණ්ඩලයේ නියෝජිතයින් ද, ශ්‍රී ලාංකික සහ ඉන්දීය ව්‍යවසායකයින්, ආයෝජකයින් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.
පාසල් පුවත්
"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්
'ඉන්දු-සිලෝන් ව්‍යාපාරික සම්බන්ධතා' සමුළුව මහනුවරදී පැවැත්විණ
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
