පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ඉඩම් ගැටලු විසදීමේ ජංගම සේවා වැඩසටහන පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී

ඉඩම් ගැටලු විසදීමේ ජංගම සේවා වැඩසටහන පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී

අන්තර් පළාත් විෂය සම්බන්ධිකරණ කමිටු තීරණ අනුව ඉඩම් ගැටලු විසදීම සඳහා ජංගම සේවා වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් (23) පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණ සමුළුවේදී කෘෂිකර්ම, පංශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ සෙසු මධ්‍යම රජයේ අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු සමග විසදා ගත යුතු ඉඩම් ගැටලු පිළිබද සාකච්ජා කිරීම සදහා පළාත් මට්ටමින් ජංගම සේවා පැවැත්වීමට තීරණය වූ අතර එහි පළමු ජංගම සේවය, මධ්‍යම පළාත් සභාවේ ඉඩම් ගැටලු විසදීම සදහා වූ ජංගම සේවය මෙලෙස පැවැත්විණ.

මෙහිදී මධ්‍යම පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන, රෝහල්, පාසල්, පළාත් පාලන ආයතන හා ඊට අනුබද්ධ ආයතනවල මෙතෙක් නොවිසිදුණු ඉඩම් ගැටලු හා ඒවා විසදීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා විය.

මධ්‍යම පළාත් සභාවේ ආයතන හා රේඛිය අමාත්‍යාංශ අතර කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු විසදාගැනීමත්, අවමකරගැනීමටත් රේඛිය අමාත්‍යාංශවල අමාත්‍යවරුන් හා ලේකම්වරුන් අතර සාකච්ජාවක් ඉදිරියේදී පැවැත්වීමට සුදානම් කරන බව, එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා සදහා කර සිටියේය.

මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. කොඩිප්පිලි ආරච්චි මෙනෙවිය, කෘෂිකර්ම, පංශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ටී. ජි. සරත් කුමාර මහතා, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා, මධ්‍යම ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, මධ්‍යම පළාත් සභාව හා රේඛිය අමාත්‍යාංශ නියෝජනය කරමින් ආයතන ප්‍රධානින්,නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook