මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය, ( REDA ) මගින් ක්‍රියාත්මක මාතලේ හෝටල් හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක වේ. 2022 වර්ෂයට අදාළව Hotel Operation (හෝටල් කළමනාකරණය) පාඨමාලාවේ 7 වන කණ්ඩායම සදහා සිසු සිසුවියන් බදවා ගැනීම පසුගියදා (14) මාතලේ හෝටල් පරිශ්‍රයේ දි ආරම්භ කරන ලදි. මෙම පාඨමාලාව සදහා සිසු සිසුවියන් 60 දෙනෙකු ඇතුළත් කර ඇත. දේශීය හා විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින අංශයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය හදුනා ගෙන ඇති අතර මධ්‍යම පළාතේ තරුණ ප්‍රජාවගේ අනාගතයට අත්වැලක් සපයනු වස් වaත්තීය කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් ලෙස , මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලැබේ .
